27 C
Colombo
24/09/2024

පොලිස්පති ගැටුම ගැන පොහොට්ටුවේ මතය

Share with your friends :

‘ජනාධිපති තුමා ව්‍යවථාදායක සභාව එක්කත් සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ කතානායකතුමා එක්කත් සකාච්ඡා කරලා පොලිස්පති ප්‍රශ්නේ විසඳගනී කියලා මම විශ්වාස කරනවා යයි’ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පොලිස්පතිවරයාගේ ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විමසූ අවථාවේදීය.

ප්‍රශ්නය : පොලිස්පතිතුමාට වෙච්ච දේ ගැන ඔබතුමන්ලාගේ පක්ෂයේ මතය මොකක්ද?

එක පැත්තකින් ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගිලා තියනවා.ඉතින් තවදුරටත් මේ පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථාසභාවත් සහ විධායකයක් අතර ඝට්ටනයක් බැලූ බැල්මට තියනවා. ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර විශාල ගැටුමක් තියනවා. ඒ වගේම අධිකරණයයි විධායකයයි,ව්‍යවස්ථාදායකයයි අතර යම් අනවබෝධයක් පේනවා.ඉතින් මේකට බලපාන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය යම් හෙයකින් ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුව තුල ගන්නා තීන්දු තීරණ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නෙමෙයිනේ ඕකේ ඉන්නේ සිවිල් සංවිධානත් ඉන්නවනේ ඒ සිවිල් සංවිධාන අපි පත් කරපු අය නෙමෙයිනේ ජනාධිපතිතුමා අගමැතිතුමා විපක්ෂ නායකතුමා පත් කරපු සිවිල් සංවිධානනේ ඉන්නේ.ඉතින් මේ අය තුල යම් නොගැලපීමක් පේනවා,ඒ නොගැලපීම් තුල මේ රටේ යම් දේශපාලන ස්ථාවරත්වයට යම් බලපෑමක් එල්ල වෙලා තියනවා..එක පැත්තකින් අපි නිරන්තරයෙන්ම කිවුවා දේශපාලනික වශයෙන් මෙවැනි තුන්වෙනි පාර්ශවයන් හරහා පත්වීම් කරන්න යද්දි මේ ප්‍රශ්නේ ඇතිවෙනවා කියලා අපි මුල ඉදන්ම හිටපු මතේ..අපේ ස්ථාවරය. හැබැයි ඒ කෙසේවෙතත් මං හිතන්නේ ජනාධිපතුමා ව්‍යවථාදායක සභාව එක්කත් සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ කතානායකතුමා එක්කත් සකාච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳගනී කියලා.

ප්‍රශ්නය: දැන් කැබිනට් මණ්ඩලයට අනුමත කරන්නත් බෑ කියනවා මේක ගැන තව අධ්‍යනය කරන්න ඕන කියනවා නීතියට පටහැනිද කියලා?

ඔව් කැබිනට් මණ්ඩලයට වෙන වැඩ ඇතිනේ හුඟක් දුරට, ඒ වැඩත් කරන ගමන්නේ මේක අධ්‍යනය කරන්න ඕන,හිමින් අධ්‍යනය කරලා කියයි..

ප්‍රශ්නය:ඔබතුමන්ලගෙත් ඇමතිවරු ඉන්නවා නේද කැබිනට් මණ්ඩලයේ?

අපෙත් ඇමතිවරු ඉන්නවා,ඒ අයත් අධ්‍යනය කරනවා කියලා කිවුවා. අමාත්‍යංශේ දුවන ගමන් ඒ වැඩ කරන ගමන් මාතරත් රැස්වීමක් කරනවා කිවුවා ඒ රැස්වීම කරන ගමන් අධ්‍යනය කරයි.

ප්‍රශ්නය:පොහොට්ටුව කියන දේ අහන්නේ නෑ වගේ මන්ත්‍රීවරු?

ආණ්ඩුවේ ක්‍රියාකරකම් වලට පොහොට්ටුවේ මැදිහත් වීමක් නෑනේ.හැබැයි ප්‍රතිපත්ති කාරණා වලදී අපි උදවු කරනවා. ඒක හින්දා ප්‍රතිපත්තිය වශයෙන් මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න අදටත් අපි වචනෙකින්වත් කකුලෙන් අදින්නේ නෑ.ඒ හින්දා පැහැදිලිවම අපි කියන්න ඕන අපි දේශපාලනික වශයෙන් පිල් බෙදන්න නෙමෙයි අපි කටයුතු කරන්නේ එකට එකතු කරගෙන මේ රටට ගැලපෙන දේශපාලන තීණ්දුවක් ගන්නවා.ඒ හින්දා පොලිස්පතිතුමා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ජනධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය තීරණය කල පරිදි ,කැබිනට් මණ්ඩලය තීරණය කරල තියනවනේ තව දුරටත් අධ්‍යනය කරන්න සහ ඉතින් නඩු තීන්දුවක් ඔය ඉන්න හැමෝටම කියවපු ගමන් තේරුම් ගන්නත් බෑනේ.ඒක හින්දා නීතීඥවරුන් එක්කත් සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුව එක්ක කතා කරලා පොලිසියේ නීති අංශෙට කතා කරලා තීන්දුවක් ගනී.හැබැයි එක ඉල්ලීමක් කරන්න ඕන මෙවැනි පූර්වාදර්ශයක් නැවත වතාවක් නොවෙන්න තීන්දු ගත යුතුයි කියලා මම හිතනවා.මොකද පත්වෙන පත්වෙන පොලිස්පතිවරයාට මේ ඉරණම අත්වුනොත් පත්වෙන හැම පොලිස්පතිවරයටම පත්කරන හැම නිලධාරියෙක්ටම මේ ඉරණම අත්වුනොත් රටක් දුවන්න බෑ..එදා එවැනි දෙයක් නොවෙන්න වෙන්න ඇති පරිශීලනය කරන්න ඕන කියලා කියන්න ඇත්තේ

Share with your friends :