27 C
Colombo
24/09/2024

ප්‍රංශය ෂාරුක් රනින් පුදයි

Share with your friends :

ජීවිතය ජයගත් ලොව සුප්‍රසිද්ධ පුද්ගලයන්ට ගෞරව කිරීම සඳහා ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරය නිර්මාණය කරන රන් කාසියක හිමිකරුවකු වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පසුගියදා හැකියාව ලැබුණේය.

ඒ සමඟ ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරයේ විශේෂිත රන් කාසියක හිමිකරු වූ ප්‍රථම බොලිවුඩ් තාරකාව වීමටත් දෙවැනි ඉන්දියානුවා වීමටත් ෂාරුක් ඛාන් සමත් වූවේය.

මීට පෙර එම ගෞරවය හිමිව තිබුණේ ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමාටය. චිත්‍රපට කර්මාන්තයට ලබා දුන් දායකත්වය සහ චිත්‍රපට කර්මාන්තය තුළ ඔහු පසු කළ කඩඉම් සනිටුහන් කිරීම සඳහා ග්‍රෙවින් කෞතුකාගාරය මෙම රන් කාසිය ෂාරුක් ඛාන්ට පිරි නමා ඇත.

පැරිස් නුවර ග්‍රෑන්ඩ් බුලවාර්ඩ්හි පිහිටි ග්‍රෙවින් කෞතුකාගාරය ඉටි රූප වෙනුවෙන් ප්‍රසිද්ධ කෞතුකාගාරයකි.

ග්‍රෙවින් ඉටි කෞතුකාගාරය තුළ ෂාරුක් ඛාන්ගේ ඉටි රුවක්ද ප්‍රදර්ශනයට තබා තිබේ.

එසේම එළඹෙන අගෝස්තු 7 සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 77 වැනි ලොකාර්නෝ සිනමා උළෙලේදී සිය වෘත්තීය ජීවිතයේදී ළඟා කරගත් ජයග්‍රහණ සඳහාද ෂාරුක් ඛාන්ට සම්මානයක් ලැබීමට නියමිතය.

එළඹෙන අගෝස්තු මස 10 වැනිදා ඔහුට එම සම්මානය ලැබීමට නියමිත අතර එදින ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ දේව්දාස් චිත්‍රපටයද සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

Share with your friends :