27 C
Colombo
24/09/2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් රොනල්ඩ් පෙරේරා ඇප බැඳලා

Share with your friends :

ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Share with your friends :