27 C
Colombo
24/09/2024

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

Share with your friends :

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 81 වන වියේ පසුවිය.ඒ මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචිමාර්ග කියයි.

ඔහු 1943 මාර්තු 8 වැනිදා ලුණුගල ප්‍රදේශයේ උපත ලබා ඇති ඒ මහතා මතුගම ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත.

විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගැනීමටද ඔහු සමත් විය. එමෙන්ම ඒ මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා 1970 දී ආචාර්ය උපාධියක් ලබා ගත්තේය.

පසුව වික්‍රමබාහු කරුණාරත්න ශ්‍රී ලංකාවට පැමිණ ශාස්ත්‍රීය ජීවිතයක් ආරම්භ කළ අතර ඔහු වාමාංශික දේශපාලනයේ ද ප්‍රබල ක්‍රියාකාරිකයෙකි.

Share with your friends :