27 C
Colombo
24/09/2024

නේපාල ගුවන් යානා අනතුරෙන් 18 ක් මරුට

Share with your friends :

නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (23) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් සිටි බව සඳහන් ය.

අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසකි.

සහන සේවකයින් පවසන්නේ එම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක් මියගොස් ඇති බවත් ගුවන් නියමුවා පමණක් බේරාගෙන ඇති බවත් ය.

ඔහු මේ වනවිට රෝහල්ගත කර සිටියි.

Share with your friends :