27 C
Colombo
24/09/2024

නව පොලිස්පති ලලිත් පතිනායක ?

Share with your friends :

දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතාය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කෙරුණු විනිසුරු මඩුල්ලක් ඔහු පසුගියදා නිදහස් කොට නිදහස් කළේය.

පොලිස් කොමිසම ඒ බව පොලිස් මූලස්ථානයටද නිල වශයෙන් දැනුම්දී ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඊට පසු ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ යන මහත්වරු වෙති.

Share with your friends :

Related posts

පොලීසියේ පරිපාලන රාජකාරී ලලිත් පතිනායකට පැවරෙයි

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

ජනාධිපතිවරණයට DIG ලා පත් කරලා

අගමැති දිනේෂ්ගෙන් පොලිස්පතිට දුන් අධිකරණ තීන්දුව ගැන බරපතල ප්‍රකාශයක්

Channel News Lanka

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Channel News Lanka

පොලිස්පති ගැන තීරණය 24 වනදා

Channel News Lanka

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

Channel News Lanka