27 C
Colombo
24/09/2024

සෙනසුරු අද රෑ අතුරුදන් වෙනවා

Share with your friends :

සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත ලස්සනම ග්‍රහලෝකය ලෙස සැලකෙන සෙනසුරු අද (24) රාත්‍රී අහසෙන් අතුරුදන් වෙයි.

එසේ වෙන්නේ, සෙනසුරු සඳට මුවා වන බැවිනි. මෙය එක්තරා ආකාරය ‘සෙනසුරු ග්‍රහණයක්‘ වැනිය. මෙම සංසිද්ධිය ඉතාමත් විරල බව තාරකා විද්‍යාඥයා් පැහැදිලි කරති.

මධ්‍යම රාත්‍රිය පසුවී, මිනිත්තු 50 ක් යද්දී, මෙම සංසිද්ධිය ආරම්භ වනු ඇති බවත්, අලුයම 2.10 තෙක් මෙය ශ්‍රී ලංකාවට දැක ගැනීමට හැකිවනු ඇති බවත් ආතර් සී ක්ලාක් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. චන්ද්‍රයාට මුවා වන සෙනසුරු ග්‍රහලෝකය යළි දිස් වන්නේ අලුයම 2.20 ටය.

Share with your friends :