27 C
Colombo
24/09/2024
sri-lanka-parliament

ආර්ථික පරිවර්ථන පනත හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

Share with your friends :

ශ්‍රී ලංකාව නැවත බංකොලොත් රටක් බවට පත් නොවන තැනට වග බලා ගැනීමට මග පාදන ආර්ථික පරිවර්ථන පනත ගැන හෙට (25) පාර්ලිමේන්තුවේදී විවාද කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කර ගැනීම මූලික ඉලක්කය කොට ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්, එය ළගා කර ගැනීමට වැඩපිළිවෙලක් සහිත ඉතා දැඩි මූල්‍ය විනයක් සහ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන මග දැක්මක් සහිත පනතක් ලෙස මෙම පනත හැඳින්විය හැකි බව සියඹලාපිටිය කීය.

නව පනතින් අපේක්ෂා කරන මූලික කරුණු පිළිබඳ අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

”මෙම පනතින් ප්‍රධාන වශයෙන් කරුණු තුනක් සපුරාලීමට වැඩි බරක් තබා තිබේ. ප්‍රධාන ක්ෂේත්‍ර තුනකින් රජයේ ණය තිරසරභාවය ඇතිකරලීමට මින් අරමුණු කොට ඇත.

ශ්‍රී ලංකාව දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128% දෙස් විදෙස් ණය බරකින් පසුවේ. එය 95%ක් මට්ටමට අඩුකර ගැනීමට ඉලක්ක කොට ඇත. දැනට රජය ගෙවිය යුතු විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 9.4%කි. එය 4.5% දක්වා අඩුකර ගැනීමට ඉලක්ක කොට ඇත.

මෙපමණක් නොව සමස්ත දළ දේශිත නිෂ්පාදිතය වසරින් වසර 5% ඉක්මවා වර්ධනය කිරීමට ඉලක්ක කොට ඇත. විරැකියාව අඩු කර ගන්නා අතර ආර්ථික දියුණුවට කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නංවාගැනීමට ඉලක්ක කොට ඇත. 2025 වන විට කාන්තා ශ්‍රම බලකායක දායකත්වය 25% දක්වා ද වසර 2030දී එය 40% දක්වා ද වසර 2040දී එය 50% දක්වා ද වැඩිකර ගැනීමට මෙම පනතින් ඉලක්ක කොට ඇත.

ආර්ථික පරිවර්තන පනත මඟින් ශ්‍රී ලංකාව කලක් තිස්සේ මුහුණ දෙන අභියෝග දෙකක් ජයගැනීමට ඉලක්ක කොට ඇත. ඉහළ අයවැය පරතරය අඩු කිරීම සහ විදේශ වෙළෙඳ හිඟය අඩුකිරීම මෙම ඉලක්කයි. මෙය ජයගැනීමට අපනයන ආදායම වැඩි කර ගත යුතුය. ඍජු විදේශ ආදායම වැඩිකරගත යුතුය. ඒ සඳඟා අප නව දැනුම යොදාගත යුතුය. තාක්ෂණය බද්ධ කළ යුතුය

Share with your friends :