27 C
Colombo
24/09/2024

ජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ පාර්ශව අතර මතගැටුම්

Share with your friends :

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධි මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ.
මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක් පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක බවට පත් කළ යුතු යැයි තරයේ ප්‍රකාශ කිරීමත් අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් අදහස් මතු කිරීම හේතුවෙන් බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
රජයේ ඇමති ධුර දරන පිරිස් වැඩි ප්‍රමාණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පල කර තිබේ.
එසේම රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ එම පක්ෂ නියෝජිතයන් යෝජනාවක් සම්මත කර ගැනීමද මෙම දෙදරා යාම උත්සන්න වීමට බලපා ඇතැයි කියති.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නියෝජිතයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටියහ.

මේ සම්බන්ධයෙන් කොළඹ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම යෝජනාවක් සම්මත කර ගැනීමට ඒ අයට නිදහස ඇති බවයි.

කුමන යෝජනාවක් සම්මත කරගත්තද පක්ෂය ගන්නා තීන්දු සමග ඔවුන් හිටගන්නා බව තමාට විශ්වාස යැයිද ඔහු එහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව තවමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

Share with your friends :

Related posts

තරුණ ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කථාද?

Channel News Lanka

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka