27 C
Colombo
24/09/2024

22 ජනපතිවරණයට බලපෑමක්

Share with your friends :

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් නොකරන්නේ යැයි ඇතමුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම සංශෝධනය හරහා ජනාධිපතිවරණයට දැඩි බලපෑමක් වන නිසා එම උත්සාහය අනිවාර්යෙන් පරාජය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මහාචාර්ය පීරිස් මහතා කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට එකා මෙන් කටයුතු කරන බවත් සිය නියෝගවලට පටහැනිව ගන්නා තීරණවලින් ඇතිවිය හැකි අනුශාංගවලට සහ ඔහුගේ නිර්දේශවලට පටහැනිව සංශෝධනය ගැසට් කළ පුද්ගලයන් වගකිවයුතු යැයි අධිකරණ අමාත්‍යවරයා පවසන බවත් ද ඒ මහතා කීය.

මෙම මස 9 වැනිදා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පළමු වරට මාධ්‍යයට ඉදිරිපත් කළ බවත් 18 වැනි දින අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේ අවසන් වන තුරු යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත ගැසට් නොකරන්නේ යැයි පැවසුව ද අධිකරණ ඇමතිවරයාගේ ප්‍රකාශයට පටහැනිව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත ගැසට් කළ බවත් ඒ මහතා කීය.

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි