සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්කර ගන්නා බව පැවසු මන්ත්‍රීවරුන් විසිපස් දෙනා (25) ඉක්මනින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස පොහොට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.
රාජපක්ෂවරුන් ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස සිටින තාක් කල් සජබ මන්ත්‍රීවරු ආණ්ඩුව සමග එක් නොවන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
එසේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක් කර ගැනීමට පොහොට්ටුව බාධාවක් නම් පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය.
එම නිසා තවත් කල් නොයවා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු විසිපස් දෙනා ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.