27 C
Colombo
24/09/2024

ටැටු දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

Share with your friends :

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය ඇතුළු සැකකරුවන් හත් දෙනා සහ එම ඝාතනයට අනුබල දුන් බවට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකාරියක සමගින් අට දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (22) නියෝග කලාය

රක්ෂිත බන්ධනාගාර ගත සිටි සැකකරුවන් හත් දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා සිදුකර තිබෙන සියලු ප්‍රකාශ පොලිසිය මගින් බලපෑම් සිදුකර ලබාගත් ප්‍රකාශ බවත් ස්වේච්ඡාවෙන් ලබා දුන් ප්‍රකාශ නොවන බවත් පැවසූ බැවින් තම සේවා දායකයාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා සිටින ලදී

එහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කළ අතර එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා සිටියාය

ඒ අනුව අධිකරණයේ දිවා විවේකයෙන් පසු පළමු සැකකරු වන ටැටූ මධ්‍යස්ථානය හිමිකාර දුලාන් සංජය නැමැත්තා විනාඩි හතළිහකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දෙන ලදී

Share with your friends :