27 C
Colombo
24/09/2024

හිරුණිකාට ඇප

Share with your friends :

තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට තම පුද්ගලික ආරක්ෂකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරු වීසිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියකොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹමහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) ඇප නියම කළේය.

රුපියල් පනස් දහසක මුදල් හා ලක්ෂ පහ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත විත්තිකාරිය මුදා හැරිමට නියමකළ විනිසුරුවරයා ඇප තැබිමෙන් පසු අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවිම ද තහනම් කරමින් ඇප කොන්දේසියක් ද පැනවීය.

අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනයට යටත්ව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ ඇප මත මුදාහැරිණි.

ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් ඇයට කොන්දේසි සහිත ඇප නියම කල විනිසුරුවරයා වාත්තිකාරිගේ විදේශගමන් බලපත්‍රය අධිකරණයට බාර දිමටද නියම කළේය.

Share with your friends :