27 C
Colombo
24/09/2024

දැවැන්ත කඩාවැටීමක්. අද දිනයේ දී කොටස් වෙළෙඳපොළට රු. කෝටි 6,599 ක් අහිමි වෙයි

Share with your friends :

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පසුබෑමක් අද (22) දිනයේ දී වාර්තා විය.

කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය තුළ ඒකක 187.25 ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී ඒකක 11,539.83 ක් ලෙසින් එහි අගය වාර්තා වුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය ජූලි 19 වැනි දා හා සැසඳීමේ දී 1.60% ක පහළ යාමකි.

කොමර්ෂල් බැංකුව. මෙල්ස්ටාකොප්, HNB, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ සම්පත් බැංකුව යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් බලපා තිබුණි. එසේම සමාගම් 153 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබෙන අතර මිල ගණන් ඉහළ ගොස් තිබුණේ සමාගම් 29 ක පමණි.

Share with your friends :