27 C
Colombo
25/09/2024

ඇප ලැබුණු ඥානසාර හිමියෝ පන්සලට වඩිති

Share with your friends :

අන්‍ය ආගමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද(22) නියෝග කළේය.

අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මෙම ඇප ප්‍රධානය කෙරිණි.

මහාධිකරණය ලබාදුන් වසර හතරක සිර දඬුවම් නඩු තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම විභාග කර තීන්දුවක් ලබා දෙන තෙක් ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම මහාධිකරණය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණි.

මහාධිකරණය ඇප ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එම ඉල්ලීම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අතර අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ප්‍රකාරයව ඇප නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් විත්තිකාර හිමියන්ට නියම කළේය.

අභියාචනාධිකරණ නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් විදෙස් ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා ගුවන් ගමන් බලපත්‍රය මහාධිකරණයේ තැන්පත් කරන ලෙසටද නියෝග කළේය.

අදාල නියෝගය පිටපතක් ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසද දන්වා සිටියේය.

Share with your friends :