27 C
Colombo
24/09/2024

අත්අඩංගුවට ගත් ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ඇප මත නිදහස්

Share with your friends :

කටුනායක ගුවන් තොටුපලේදී අද (21) උදෑසන අත් අඩංගුවට ගත් ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංග අබේගුණසේකර මහතා ඇප මත මුදාහැර ඇත.

ඒ, ඔහුව මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් පනවා තිබුණු විදෙස් ගමන් තහනමකට අදාළව ඔහුව අද අළුයම කටුනායක ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබිණි.

අසංග අබේගුණසේකර මහතා හිටපු අමාත්‍ය ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයෙකි.

Share with your friends :