27 C
Colombo
24/09/2024

සම්මතවූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා-රනිල් වික්‍රමසිංහ

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඒකමතිකව සම්මත විය.

ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර ජනහමුවට සහභාගී වූ සියලුදෙනා දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඒකමතිකව සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයා මේ බව කීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි වනු ඇති බවයි.

කඩවත බස් නැවතුම්පොළ අසලදී ජන හමුව පැවැත්විණි.

Share with your friends :

Related posts

තරුණ ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කථාද?

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි