27 C
Colombo
24/09/2024

ශ්‍රී ලංකාවට එමින් තිබු අනතුරුදායක රසායනික ද්‍රව්‍ය නෞකාවක විශාල ගින්නක්

Share with your friends :

කොළඹ වරාය බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නේ පැතිරයාම මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි.

GOA වෙරළ තීරයට නාවික සැතපුම් 102ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබියදී පසුගිය 19 වනදා අදාළ නෞකාවේ ගින්නක් හටගෙන තිබුණි.

අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ඇතුළු කන්ටේනර් 1,154ක් රැගත් නෞකාවේ හටගත් ගින්නෙන් එහි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් ඇති අතර සෙසු පිරිස් ආරක්ෂිතව මුදාගැනීමට ඉන්දීය නාවික හමුදාව කටයුතු කළේය.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ නෞකා 4ක් මෙන්ම හෙලිකොප්ටර් යානා ද යොදවා ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි.

ගින්න පැතිරීම මේ වනවිට පාලනය කර ඇති අතර සාමාන්‍යයෙන් මෙවැනි නෞකාවක ගින්නක් සම්පූර්ණයෙන් පාලනය කිරීමට දින 3ත් 4ත් අතර කාලයක් ගත වන බව සඳහන් වේ.

නෞකාවේ අනතුරුදායක ද්‍රව්‍ය ගබඩා කර ඇති කොටසට ගින්නෙන් හානි සිදුවුවහොත් දැවැන්ත ව්‍යසනයක් ඇති විය හැකි බවත් ඕනෑම පාරිසරික හානියකට ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානමින් පසුවන ලෙසත් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අදාළ අංශ වෙත දැනුම්දීමක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ නෞකා අනතුර හේතුවෙන් මෙරට මුහුදු සීමාවට බලපෑමක් සිදුනොවන බවය.

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

Massive fire on Sri Lanka-bound ship carrying hazardous cargo off Goa