27 C
Colombo
24/09/2024

චීනයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 ජීවිතක්ෂයට

Share with your friends :

වයඹ දිග චීනයේ අධිවේගී මාර්ග පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් දුසිම් ගනනක් අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.
චීනයේ ෂැන්සි පළාතේ සිදු වූ ව්‍යසනයෙන් පසුව පුද්ගලයන් 30 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව සිටින අතර, ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින්ග් නියෝග කළේය.
සිකුරාදා ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 8.40 ට පමණ දැඩි කුණාටු සහ ගංවතුරෙන් ෂැන්සි පළාතේ සිදු වූ ව්‍යසනයෙන් පසුව චීනයේ ජනාධිපති ෂී ජින්පින් ගලවා ගැනීමේ ප්‍රයත්නයන් දියත් කිරීමට නියෝග කර තිබේ.

Zhashui ප්‍රාන්තයේ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෝටර් රථ 20 ක් සහ පුද්ගලයින් 30 ක් පමණ තවමත් අතුරුදහන් වී ඇති බව Xinhua පුවත් ඒජන්සිය පවසයි.

Share with your friends :