27 C
Colombo
24/09/2024

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 හෝ 28

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 හෝ 28 සෙනසුරාදා දිනයක පැවැත්වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට පෙර නිකුත් කළ යුතු ජනාධිපතිවරණය පිළිබඳ මූලික නිල ප්‍රකාශය මැතිවරණ කොමිසම විසින් ඉදිරි සතියේදී නිකුත් කෙරෙනු ඇතැයි ද සඳහන්ය. මැතිවරණ කොමිසන් සභාව ලබන බදාදා (24) රැස්වීමට නියමිතය.

පවත්නා නීතිමය තත්ත්වය අනුව ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 17 දා සහ ඔක්තෝබර් මස 16 දා අතර දිනයක පවත්වා හමාර කළ යුතුය.

ඒ අතර පසුගියදා දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවූ මැතිවරණ කොමිසම සඳහන් කර තිබුණේ ඔක්තෝබර් මස 16 දාට අඩුම වශයෙන් දෙසතියකට පෙර ඡන්දයට දින නියම කරන බවය.

ඊට හේතු ලෙස සඳහන් කළේ යම් හෙයකින් ජනාධිපතිවරණය පැවැත්වීමේදී කිසියම් දූෂණයක් හෝ වෙනත් නීති උල්ලංඝනයක් නිසා යම් යම් ඡන්දපොළවල මැතිවරණය අවලංගු කිරීමට සිදුවුවහොත් නැවත එම ඡන්දපොළවල මැතිවරණය පවත්වා අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට දෙසතියක පමණ කාලයක් අවශ්‍ය වීම බවයි.

ඒ ආකාරයට ගණනය කළහොත් ඔක්තෝබර් මස 10 දා සිට දින 14ක් (සති දෙකක්) පසුපසට ගත්විට යෙදෙන්නේ ඔක්තෝබර් මස 02 දිනයි.

නීතිමය වශයෙන් සඳහන්ව නැතත් මෙතෙක් කල් සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ සෙනසුරාදා දිනයක වන බැවින් ඔක්තෝබර් මස 2 දාට පෙර එළඹෙන අවසන් සෙනසුරාදා දිනයන් වන්නේ සැප්තැම්බර් 21 හා 28 දිනය වන බැවින් ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 හෝ 28 දින පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka