27 C
Colombo
24/09/2024

ව්‍යාපාර හා ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන සජිත්ගේ සැලසුම

Share with your friends :

නව ව්‍යාපාර හා ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් ඔවුන් ප්‍රාග්ධනය ලබා දී සහන ලබා දී පවතින ව්‍යාපාර රැකගන්නා අතරතුර නව ව්‍යාපාර බිහි කළ යුතු බව විපක්ෂ නායකවරයා පවසයි.

මේ වන විට ඇති නව ප්‍රවණතාව වන්නේ දළ දේශීය නිෂ්පාදනය වැඩි දායකත්වයක් දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බවත් ඔවුන් දස ලක්ෂ ගණන් රැකියා ලබා දෙමින් දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

රටක් ලෙස පැතිකඩ ගණනාවකින් ආර්ථික වර්ධනය ක්‍රියාත්මක කළ යුතු බවත් සේවා, සංචාරක, කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය ආදී ආර්ථික ක්‍රියාදාම ගණනාවක් ආර්ථික වර්ධනයට හේතුවන බව ඔහු අවදාරණය කරන්නේ.

ගම්පහ කටාන මිනුවන්ගොඩ හීනටියන ධම්මාලෝක මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 337 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වු විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

රටක දියුණුව පදනම් වන්නේ රටේ ආර්ථික වර්ධනය මත බවත් රටේ ආර්ථික වර්ධනය කරන්නේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා බවත් රටකට නිෂ්පාදනය චක්‍රයක් ඇති බවත් එක්තරා කාලයක් ඇගලුම් කර්මාන්තශාලා මූලික කර ගෙන මෙය ක්‍රියාත්මක වූ බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

Share with your friends :

Related posts

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

පාරිභෝගික අධිකාරිය මිල පාලනයක් නැතුව පාන් මිල ප්‍රදර්ශනය කරන්න කියලා

Channel News Lanka

ජනපතිවරණයට ඉල්ලන බව රනිල් පළමු වරට කියයි

Channel News Lanka

අගමැති දිනේෂ්ගෙන් පොලිස්පතිට දුන් අධිකරණ තීන්දුව ගැන බරපතල ප්‍රකාශයක්

Channel News Lanka