27 C
Colombo
24/09/2024

බංග්ලාදේශයේ ගැටුම්වලින් 32 ක් මරුට – රජයේ රූපවාහිනියටත් ගිනි තියලා

Share with your friends :

බංග්ලාදේශයේ සිසුන් හා පොලීසිය අතර ගැටුම් වලින් 32 දෙනෙකු මිය ගොස් තිබේ.රජයේ රූපවාහිනී සේවාවටද ගිනිතබා ඇත.
රටේ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අයගේ පවුල්වලට රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීමට එරෙහිව පසුගිය ජුලි 01වනදා සිට බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතාවයන් ආරම්භ වීමෙන් අනතුරුව මේවන විට එරට අන්තර්ජාල සේවාවන් අත්හිටුවා ඇති බව වර්තා වේ.

මෙම ක්‍රමය යටතේ, රැකියාවලින් තුනෙන් එකක් 1971 දී පකිස්තානයෙන් රට නිදහස් කර ගැනීම සඳහා සටන් කළ අයගේ පවුල්වලට හිමිවන අතර 2018 දී මහා ශිෂ්‍ය විරෝධතාවලින් පසු රජය කෝටාව නවතා දැමීය. නමුත් නැවත වරක් 1971 රට නිදහස් කර ගැනීමට සටන්කළ අයගේ ඥාතීන් විසින් පෙත්සම් ගොනු කිරීමෙන් අනතුරුව මහාධිකරණය එම තීන්දුව බල රහිත කරන ලදී.

මහාධිකරණ තීන්දුවට එරෙහිව රජය විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබන මාසයේ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් ඉවසිලිවන්තව සිටින ලෙස හසීනා සිසුන්ගෙන් ඉල්ලා ඇති අතර සිසුන් කුසලතා මත පදනම් වූ ක්‍රමයක් සඳහා යා යුතු බවට ප්‍රකශ කරයි.

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර 500කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

Share with your friends :

Related posts

බංග්ලාදේශයේ කෝටා ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය විසඳයි – දේශපාලන අර්බුදය විසඳෙයිද?

බංග්ලාදේශයේ ගැටුම් උග්‍ර වෙයි – 105 ක් මරුට – ශ්‍රීලාංකික සිසුන් යලි මෙරටට

Channel News Lanka

බංග්ලාදේශයේ දරුණු ගැටුම් -ඇඳිරිනීතිය සමග හමුදා කැඳවයි