27 C
Colombo
24/09/2024

කන්ටේනරයක් පන්නලා-නිලධාරිනියන් 2 ක් ඇතුළු රේගුවේ ජ්‍යෙෂ්ඨ 4 කගේ වැඩ තහනම්

Share with your friends :

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කර ඇත.

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු වැඩතහනම් කළ නිලධාරීන් අතර සිටින බවත් නිලධාරිනියන් දෙදෙනෙකු මෙවැනි බරපතල සිද්ධියකට සම්බන්ධ වීම වඩාත් කැපී පෙණෙන බව ශ්‍රීලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

මෙම බහලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපන වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බව ද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම නීති විරෝධි සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුම අදාල විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි යොදා මේ මස 12 වැනිදා ‘ග්‍රේ ලයින් 2’ අංගනයෙන් නිදහස් කර ඇති බවත් එම බහලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන අද (18) පස්වරුව දක්වා සොයාගැනීමට නොහැති වූ බවත් එම නිලධාරියා කීය.

එම බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු යැයි චෝදනාවට පසුගිය ජනවාරි මස රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැති බව කී එම නිලධාරියා රේගු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු දිනය වූ මෙම මස 12 වැනිදා ලේඛණ වෙනස් කර රේගුවෙන් පිටකර ඇති බව ද සඳහන් කළේය.

රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහලුමට අදාල ලිපිගොනුවේ සත්‍ය ලේඛණ පරීක්‍ෂා කිරීමේදී ව්‍යාජ ලේඛණ හදුනාගැනීමට හැකිවූ බවත් රේගු දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව වැඩි දුර විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් එම නිලධාරියා කීය.

මෙවැනි දූෂිත ක්‍රියා හේතුවෙන් ශරීර සෞඛ්‍යට අහිතකර මෙන්ම පිළිකාකාරක සහිත ආලේපන වර්ග, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, බාල ඖෂධ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳපොලට යෑම වැළැක්විය නොහැකි බව ද රේගුව උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :

Related posts

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

පාරිභෝගික අධිකාරිය මිල පාලනයක් නැතුව පාන් මිල ප්‍රදර්ශනය කරන්න කියලා

Channel News Lanka

ජනපතිවරණයට ඉල්ලන බව රනිල් පළමු වරට කියයි

Channel News Lanka

අගමැති දිනේෂ්ගෙන් පොලිස්පතිට දුන් අධිකරණ තීන්දුව ගැන බරපතල ප්‍රකාශයක්

Channel News Lanka