27 C
Colombo
24/09/2024

MRI අධ්‍යක්ෂකගේ වැටුපෙන් අඩක් කපාහරින්නට රවී කුමුදේශ්ගෙන් යෝජනාවක්

Share with your friends :

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ යුතු පරීක්ෂණ වර්ග වලින් සියයට පනහක් පමණ කාලාන්තරයක් තිස්සේ සිදු නොකෙරෙන බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් එහි අධ්‍යක්ෂකවරයාගේ වැටුපෙන්ද සියයට පනහක් කපා දැමිය යුතු බව කියා සිටී.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන රවී කුමුදේශ් ,
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ යුතු පරීක්ෂණ වර්ග වලින් සියයට පනහක් පමණ කාලාන්තරයක් තිස්සේ සිදුකෙරෙන්නේ නැහැ. රෝගීන්ගේ අවශ්‍යතාවයෙන් සියයට පනහක් ඉටු නොකරන ආයතනයක අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යභාරය කුමක්ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනය කළ යුතුය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යක්ෂකවරුන්ගේ පරිපාලනමය නොහැකියාව නිසා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රයෝජනයට ගැනෙන කොටස සියයට පනහකට වඩා අකාර්යක්ෂම වී ඇත. නිවැරදි පාලනයක් සිදු කරන්නේ නම් ප්‍රථමයෙන්ම එහි අධ්‍යක්ෂකවරයාගේ වැටුපෙන්ද සියයට පනහක් කපා දැමිය යුතුය. එසේ නොකොට වෛද්‍ය පර්යේෂණ ආයතනය පාඩු ලබනවා යන්න හෝ, පෞද්ගලීකරණය කළ යුතුයි යන්න හෝ සේවක අතිරික්තයක් ඇතැයි යන්න පැවසීම රජයේ වගකීමක් නොවේ.

විශේෂයෙන්ම මෙම පරීක්ෂණ සිදු නොකිරීම මගින් ඉතා සංකීර්ණ රෝග හඳුනා ගැනීමට ප්‍රමාද වන අතර ඇතැම් ඒවා සදාකාලිකව හඳුනා නොගනිමින් රෝගීන් ජීවිත කාලය තුළම පීඩා විඳින හෝ ජීවිතක්ෂයට පත්වෙන තත්ත්වයක් ඇතිවිය හැක.

එසේම ඇතැම් පරීක්ෂණ සිදු නොකිරීම හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර අයාලේ යන හෝ, නිවැරදිව කළමනාකරණය නොවන තත්ත්වයකට පත්වීම මගින් සමස්ත සෞඛ්‍ය සේවාවේ වෑයම ව්‍යාර්ථ වීමට හැකියාව ඇත.

තවද ඇතැම් රෝග පූර්ව වශයෙන් හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝගයකින් ගැලවී සිටීමට මහජනතාවට ඇති අයිතිය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය උල්ලංඝනය කොට ඇත.

මෙම සියලු හේතු රෝගීන්ගේ ජීවිත කාලය පිළිබඳව ගැටළුවක් වනවා සේම, පහසුවෙන් ගලවා ගත හැකි රෝග තත්ත්වයන් උග්‍ර බවට පත් කරවීම මගින් සෞඛ්‍ය සේවාවේ වැය බර දෙගුණ තෙගුණ දක්වා වැඩි කිරීමට හේතුවේ. ඇතැම්විට මෙම එක පරීක්ෂණයක් සිදු නොකිරීම හේතුවෙන් රෝගී වෙන රෝගියෙකු සඳහා ඔහුගේ මුළු ජීවිත කාලයම ඖෂධ ලබාදීමට හෝ, ශල්‍යකර්ම කිරීමට හෝ සිදුවන බැවින් එමගින් ඇතිවන ආර්ථිකමය හානිය අතිවිශාලය.

එනයින් සෞඛ්‍ය ආයතන වලට පත් කරන අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යක්ෂමතාවය සහ වගවීම වහා මැන බැලෙන ක්‍රමවේදයක් සෞඛ්‍ය සේවාවට ගෙනා යුතුය.

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රියක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් දීර්ඝ කාලීනව සිදු නොකරන අත්‍යවශ්‍ය පරීක්ෂණ ලැයිස්තුව

1. Hepatitis A IgG/IgM
2. Hepatitis B IgM
3. Hepatitis C pcr
4. Herpes symplex virus type 1.2 Igm
5. HSV IgG ELISA
6. EBV specific IgG IgM
7. CMV IgG and IgM and PCR
8. Lympocyte Subset CD 3.4.8.18.19.45.56
9. Rabies ab
10. Vitamin D
11. FSH/T4
13. PSA
14. Dengue IgG and IgM rapid Ab
15. Candida Ab ELISA
16. Mannan Ag for candida
17. Total IgE
18. Vaccine quality assurance test
19. ASOT
29. Brucella PCR
21. Meningococcal Ab
22. Toxoplasma
23. HbA1C
24. ACTCH
25. TSH
26. Cortisol
27. Meliodosis ab

Share with your friends :

Related posts

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

පාරිභෝගික අධිකාරිය මිල පාලනයක් නැතුව පාන් මිල ප්‍රදර්ශනය කරන්න කියලා

Channel News Lanka

ජනපතිවරණයට ඉල්ලන බව රනිල් පළමු වරට කියයි

Channel News Lanka

අගමැති දිනේෂ්ගෙන් පොලිස්පතිට දුන් අධිකරණ තීන්දුව ගැන බරපතල ප්‍රකාශයක්

Channel News Lanka