27 C
Colombo
24/09/2024

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

Share with your friends :

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය 1 වැනිදා විනය පරීක්ෂණයක් ආරම්භ කළේය.

ජයවර්ධන මහතා දැනට රාජකාරී කරන හෙයින් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් මෙම පියවර ගත් බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව අද (18) රැස්වී මෙම තීරණය ගෙන ඇත.

Share with your friends :

Related posts

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

පොලීසියේ පරිපාලන රාජකාරී ලලිත් පතිනායකට පැවරෙයි

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

පාරිභෝගික අධිකාරිය මිල පාලනයක් නැතුව පාන් මිල ප්‍රදර්ශනය කරන්න කියලා

Channel News Lanka

ජනාධිපතිවරණයට DIG ලා පත් කරලා