27 C
Colombo
24/09/2024

ක්ෂුද්‍ර – සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය පැකේජයක්

Share with your friends :

ආයෝජන ණය රුපියල් මිලියන 15ක උපරිමයකට යටත්ව 7%ක සහන පොලි අනුපාතයකට.
කාරක ප්‍රාග්ධනය රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව 8%ක සහන පොලි අනුපාතයකට.
ණය ලබාදීම සඳහා රුපියල් බිලියන 18ක් .
බැංකු සහ මූල්‍ය ආයතන 15ක් මේ වෙනුවෙන් රජය සමඟ අත්වැල් බැඳ ගනී.
රට දියුණු කිරීමට නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කළ යුතුයි

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුවක් – ජනපති අවධාරණය කරයි .
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

සහනදායී පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ඇතුළුව සහභාගීත්ව මූල්‍ය ආයතන 15ක් හරහා අර්බුදය හමුවේ ද පැවති හා ඉදිරියට යන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය ලබාදීම හා අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහායවීම යන ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම ණය ලබා දීම සිදු කෙරේ.

ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් මූල්‍ය සහාය අවශ්‍ය සහ ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් උසස් කිරීමට ධාරිතාවය ඇති සුදුසුකම් ලත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත නිර්දේශ ලිපි නිකුත් කරනු ඇත.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ ආයෝජන ණය යටතේ වසර 10ක කාලසීමාවකට අදාළව 7%ක සහන පොලී අනුපාතයකට, රුපියල් මිලියන 15ක උපරිම සීමාවකට යටත්ව ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 13ක් වෙන් කර තිබේ.

අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා කාරක ප්‍රාග්ධන ලෙස වසර 5ක කාල සීමාවකට යටත්ව 8%ක පොලි අනුපාතයක් යටතේ රුපියල් මිලියන 5ක ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 05කි.

ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සීමාසහිත සණස සංවර්ධන බැංකුව, යුනියන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, කාගීල්ස් බැංකුව සහභාගිත්ව මූල්‍ය ආයතන වෙයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඕනෑම රටක් දියුණුව කරා ගෙන යාමට නම් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ශක්තිමත් කළ යුතු බවයි.

පසුගිය ආර්ථික බිඳ වැටීම හමුවේ වැඩිම පීඩාවකට ලක් වූයේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් නැවත නඟා සිටුවීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බවද සඳහන් කළේය. ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුව ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩි වශයෙන් රටට විදේශ ආයෝජන ලබා ගනිමින් මහා පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සාමාන්‍ය ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ද පැහැදිළි කළේය.

මෙම නව ණය යෝජනා ක්‍රමය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ දේශගුණික විපර්යාස ඇතුළු ව්‍යාපාර මෙහෙයුම් පරිසරයේ සිදුවන වෙනස්වීම් හේතුවෙන් හටගන්නා අවදානම් තත්ත්වයන්හි කටයුතු කිරීම සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ අනුවර්තන හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත.

කෘෂිකර්ම, සංචාරක, නිෂ්පාදන, තාක්ෂණික සහ අපනයන ඉලක්ක කළ අංශ මෙන්ම කාරක ප්‍රාග්ධන මූල්‍ය අවශ්‍යතා සහිත කාන්තාවන් විසින් මෙහෙයවන ඕනෑම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (වෙළඳාම, බදු දීම සහ ව්‍යාපාර කුලියට දීම හැර) මෙම ණය යොජනා ක්‍රමයේදී සුවිශේෂි අවධානයක් යොමු වේ.

විදේශ විනිමය සුරක්ෂිත කිරීම සහ ආර්ථිකය, ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමටද මෙය උපකාරී වේ.

සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share with your friends :

Related posts

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

පාරිභෝගික අධිකාරිය මිල පාලනයක් නැතුව පාන් මිල ප්‍රදර්ශනය කරන්න කියලා

Channel News Lanka

ජනපතිවරණයට ඉල්ලන බව රනිල් පළමු වරට කියයි

Channel News Lanka