27 C
Colombo
24/09/2024

IMF වැඩසටහනෙන් ඉවත් වෙන්න-රට පුරා ජන අරගල මධ්‍යස්ථාන

Share with your friends :

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ ජන අරගල සන්ධානයේ ශාඛා සමිති දිස්ත්‍රික්ක මට්ටමින් ලබන සතියේ සිට අරඹන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
ඒ අනුව ලබන සතියේ ගාල්ලෙන් ශාඛා සමිති ඇරඹීමේ ආරම්භක පියවර තබන බවද ඔහු කීය.

මීට අමතරව මේ මස අවසානයේදී ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමටද කටයුතු සූදානම් කෙරෙමින් තිබෙන බවද නාගමුව මහතා පැවසීය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එළියට පැමිණ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම, ජාතික ගැටලුව විසඳීම, රාජ්‍ය ව්‍යුහයට ජනතාව සහභාගි කර ගැනීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් වන බවද පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.

Share with your friends :