27 C
Colombo
25/09/2024
sri-lanka-parliament

හදිසි කැබිනට් සංශෝධනයකට පසුව ආණ්ඩුව විසුරුවයිද?

Share with your friends :

වහාම හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කරන්නට යන බවටත් ඉන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැරීමට ඉඩ ඇති බවටත් මේ වන විට දේශපාලන අංශයන්හි ආරංචි පැතිර යමින් පවතී.
කැබිනට් සංශෝධනයක් සිදුවන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අදාළ නව කැබිනට් මණ්ඩලය යටතේය.
ඒ අතරේ ජනාධිපතිවරණය හා මහමැතිවරණය එකම දිනයක පැවැත්වීමට ඉඩකඩ ඇති බවද පැවසේ. එහිදී මන්ත්‍රීවරු 225 ටම තමන්ගේ ඡන්ද සටනද පක්ෂයේ ජනාධිපතිවරණ සටනද එකවර ක්‍රියාත්මක කරන්නට සිදුවනු ඇත.
ඒ මගින් සියලුම පක්ෂවලට සමාන තරගකාරීත්වයකට ඉඩ සැලසෙන බවද පැවසේ. එසේම එහිදී සුළු ජාතික පක්ෂ වලට තමන් සහයෝගය දෙන පක්ෂ මුලදීම තෝරාගැනීමට සිදුවනු ඇත.

Share with your friends :