27 C
Colombo
24/09/2024

සතියෙන් බාර් එක වැහුවේ නැත්නම් බන්දුලට ඇමැතිකමයි-මන්ත්‍රීකමයි එපාද?

Share with your friends :

හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැති බවත් ඒ සියලු දේට වඩා වටින්නේ හෝමාගම ජනතාවගේ අභිමානය බැවින් තමන් දැඩි පියවරක් ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) සවස හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී පැවසීය

හෝමාගම පිටිපන ප්‍රදේශයේ රට බීම අලෙවි හලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය පල කරමින් ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය කැබිනට් මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මහා සංඝරත්නය හෝමාගම පිටිපන අවුකන පිළිමය අසලදී සත්‍යයක් ක්‍රියාවක අද (17) දින සවස නිරත වීමෙන් පසු ජනතාව දැනුවත් කරමින් එලෙස පැවසීය.

දීර්ඝ කාලයක සිට හෝමාගම නගරය ආශ්‍රිතව රට බීම හල් ආරම්භ කිරීමට මෙතෙක් කිසිවෙකු අවස්ථාව ලබා නොදී ඇති බැවින් හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බැවින් එම නිළධාරීන් ට එරෙහිව පියවර ගත යුතු බවද මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය

Share with your friends :