27 C
Colombo
25/09/2024

ලංකාවේ ආර්ථික නිදහස තවත් පල්ලම් බැහැලා

Share with your friends :

ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින් 149 ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ කළ හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතන වාර්තාව අනාවරණය කරන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

ආර්ථික නිදහස යනු සෑම පුද්ගලයකුටම තම ශ්‍රමය හා දේපළ පාවිච්චියට ඇති මූලික නිදහසයි.

නීතියේ ආධිපත්‍යය,රජයේ ප්‍රමාණය,නියාමන කාර්යක්ෂමතාව සහ විවෘත වෙළඳපොළ යන ප්‍රධාන සාධක අනුව එම නිදහස තීරණය කෙරෙන බව පැවසේ.

ආර්ථික නිදහස දර්ශකයෙන් 2000 වර්ෂයේදී ශ්‍රී ලංකාව සිටියේ 75 වැනි ස්ථානයේ බවත් 2016 වර්ෂයේ දී එය 93ක් දක්වා පහළ ගිය බවත් 2022 වර්ෂයේ දී එය 136 ක් දක්වා පහළ ගිය බවත් එම වාර්තාව සඳහන් කරන්නේ යැයි මහාචාර්යවරයා කීවේය.

එමෙන්ම ආසියා පැසිපික් 39 න් ශ්‍රී ලංකාව සිටින්නේ 34 වෙනි ස්ථානයේ බව පැවසූ වසන්ත අතු කෝරළ මහතා ඉන්දියාව පාකිස්ථානය බංගලාදේශය නේපාලය භූතානය ශ්‍රී ලංකාවට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින බවද සඳහන් කළේය.

Share with your friends :