27 C
Colombo
27/09/2024

හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22

Share with your friends :

තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා දෙනවාද? නැද්ද ?යන තීන්දුව ලබන 22 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (15) දන්වා සිටියේය.

සිර දඬුවමට එරෙහිව තමන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් එම පෙත්සම විභාග කොට අභියාචනාධිකරණය විසින් අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ඇපමත මුදා හරින ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කළේය.

අභියාචනාධිකරණ නඩුව දිනපතා හෝ විභාගය කිරීමට නීතිපතිවරයාට සහාය දැක්විය හැකි බවත්,එහෙයින් අතීතයේදී මෙන් වසර තුනක සිරදඬුවමකට එරෙහි ඇපෑලක් විමසීමට කල් ගත නොවන බව පෙන්වා දුන් බණ්ඩාර මහතා කුඩා දරුවන් සිටීම වැනි කරුණු කාටත් පොදු කරනු බවත් පෙන්වා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණුසලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 22 වනදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් පේම චන්ද්‍ර මහත්මියට මෙම සිර දඬුවම නියම විය.

Share with your friends :