27 C
Colombo
28/09/2024

වැඩවර්ජන වලට අපේ සම්බන්ධයක් නැහැ – ආණ්ඩුවේ වැඩ – වසන්ත සමරසිංහ

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමට නියමිත හෙයින් එතෙක් කිසිදු වැඩවර්ජනයකට එකතු නොවීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

මේ දිනවල ක්‍රියාත්මක වන වැඩවර්ජන යනු ජාජබ කෙරෙහි ජනතා අප්‍රසාදය ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොදා ඇති උපක්‍රමයක් බවත් ඒ උපක්‍රමයට තමන් හසු නොවන බවත් වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

“ඡන්දවලට බය රනිල් ජාතික ජන බලවේගයෙන් ජනතාව විතැන් කරවන්න පුළුවන්ද කියලා බලනවා. පහුගිය දවස්වල වෘත්තීය සමිති ව්‍යාපාරය පැත්තෙන්, මුළු රටේම වැඩකරන ජනතාව ආණ්ඩුවට එරෙහි විරෝධතා ක්‍රියාමාර්ග ප්‍රමාණයක් දියත් කළා. මේක අහම්බෙන් ආපු එකක් නෙවෙයි. මේ අඛණ්ඩ වැඩවර්ජනවලට යන්න හදනවා. අපි බැලුවා මොකක්ද මේ හදිස්සිය කියලා. බලනකොට සමහර සැලසුම් අරලියගහ මන්දිරෙනුත් එනවා, සමහර සැලසුම් ජනාධිපති මන්දිරෙනුත් එනවා. රනිල් හිතන් ඉන්නවා අපි රනිල්ගෙ ලණු කයි කියලා. අපි රනිල්ට කියන්න ඕනෙ රනිල්, ඔය ලණුවලට ආපහු මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය අහුවෙන්නෙ නෑ. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කරලා තියෙනවා එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපති කරන තෙක් කිසිදු වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අපි නායකත්වය දෙන්නෙ නෑ, ඒකට සහයෝගය දෙන්නෙ නෑ කියලා. නව පාලනයක් ගොඩනඟලා මේ රටේ වැඩකරන ජනතාවගේ ඉල්ලීම් දිනා දෙන්න වෘත්තීය සමිති ව්‍යාපාරය ලෑස්තියි”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ දඹුල්ලේදී පැවති ජාජබ ජන රැලියක් අමතමිනි.

Share with your friends :