27 C
Colombo
28/09/2024

UDA අක්කර 6 ක කොළඹ ඉඩමක් අනුමැතියකින් තොරව 99 අවුරුදු බදු දීලා

Share with your friends :

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව D.R . විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 33ක අලාභයක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී කෝප් කමිටුව තොරතුරු අනාවරණය වී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සති දෙකකදී ලබා දෙන ලෙස කමිටුවේ සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ දෙක ජේම්ස් පීරිස් මාවතේ පිහිටි අක්කර හයක ඉඩමක් 2019 වර්ෂයේ දී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි 1200 කට අනූනම අවුරුද්දට බදු දී ඇති බවද එම කාරක සභාවේ දී තොරතුරු අනාවරණය විය.

එම ඉඩමට අදාළ බදු ගිවිසුම කෙටුම්පත් කිරීමේදී අනුමත බදු කොන්දේසි වලට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත නොකළ වෙනත් කොන්දේසි 24 ක් කර තිබූ බව හෙළි වී ඇත

අදාළ ගිවිසුම් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් නීතිය නීතියක්ෂණයට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන් විය. එම ඉඩමේ සංවර්ධන කටයුතු මේ දක්වා කර නැතැයිද කමිටුව පවසයි.

Share with your friends :