27 C
Colombo
29/09/2024

මහමැතිවරණයට තරග කරන්නට අලි-පොහොට්ටු සන්ධානයක්

Share with your friends :

පොහොට්ටුව හෙවත් ශ්‍රීලංකාපොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩනගන නව සන්ධානයක් හරහා මීළඟ මහා මැතිවරණයට ඉදිරිපත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී එම සන්ධානයට තවත් පක්ෂ හා සංවිධාන එක්වීමට නියමිත අතර අපේක්ෂකත්වයන් මෙම පාර්ශව අතර බෙදී යාමට නියමිතය. මෙම එක්වීමට ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග කටයුතු කරන ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර,ෂෙහාන් සේමසිංහ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආදී මැති ඇමතිවරුන් රැසක්ම පූර්ණ සහය පල කර තිබේ.
මෙහිදී ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයන්ද ප්‍රධාන පාර්ශව දෙක අතර සමාන්තරව බෙදී යනු ඇත.
මෙහිදී ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන බෙදා ගන්නා ආකාරයන් මේ වන විටත් පාර්ශව දෙකේ ප්‍රබලයන් අතර මුලික එකඟතා පවා ඇති කර ගෙන තිබේ.

Share with your friends :