27 C
Colombo
28/09/2024

ටෙන්ඩර් කැඳවන්නේ නැතුව ඉන්දියාවෙන් LNG මිලදී ගැනීමට විරෝධය

Share with your friends :

කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දීය රජයේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකාව පිළිගෙන ඇති ඉන්දීය පෙට්‍රොනෙට් එල්එන්ජී ලිමිටඩ් (පීඑල්එල්) විසින් කෙරවලපිටියේ තාප බලාගාරවලට දිනකට කන්ටේනර් 40 බැගින් ද්‍රව ස්වභාවික වායු (එල්එන්ජී) සැපයීම සම්බන්ධයෙන් පාර්ශව ගනනාවක් විසින් දැඩි අවධානයට ලක්කර තිබේ.
මෙම යෝජනාව අනුව නවදිල්ලි මූලස්ථානය කරගත් සමගම විසින් කොචි වරායෙන් නැව්ගත කර පසුව ගොඩබිම් මාර්ගයෙන් කෙරවලපිටියේ පිහිටි Sri Lanka LTL Holdings Ltd විසින් පවත්වාගෙන යනු ලබන බලාගාර වෙත ගෙන යනු ඇත. ඉන්දියාව විසින් කරන ලද යෝජනාව යටතේ මෙය දිනකට බහාලුම් 60-70 දක්වා වැඩි කිරීමේ හැකියාව ඇත.

කෙසේ වෙතත් තරගකාරී ටෙන්ඩරයක් නොතිබීම නිසා කොන්ත්‍රාත්තුවේ ස්වභාවය පිළිබඳව ප්‍රශ්න මතුව තිබේ. එය රජයෙන් රජයට (G-to-G) ගනුදෙනුවක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය. ශ්‍රීලංකාව IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති එකඟතා අනුව මෙවැනි ආකාරයේ දැවැන්ත ගනුදෙනු ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදු කරන්නට හැකියාවක් නොමැත.

Share with your friends :