27 C
Colombo
28/09/2024

මැකෝ 17 වැනිදා මුදල් ලොක්කෝ කැඳවයි

Share with your friends :

ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව විමසීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට 17 වැනිදා කැඳවූ බව එහි සභාපති ආර්. එම්.ඒ එල් රත්නායක මහතා පැවසීය.

ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම වැදගත් හෙයින් එම ප්‍රධානීන් මෙසේ කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කළ බවද සභාපතිවරයා කීවේය.

මේ අතර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ දිනය මේ මස අග ප්‍රකාශයට පත් කරන බව පැවසූ රත්නායක මහතා දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා 17 වැනිදායින් පසු කොමිසමට බලය ලැබෙන බවද ප්‍රකාශ කළේය.

මේ අතර ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි හැටත් අසූවත් අතර මුදලක් වැය වන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු වැඩි විය හැකි බවද ඇය සඳහන් කළාය. මැතිවරණයකදී රාජ්‍ය නිලධාරීන් රාජකාරියට යොදා ගැනීමට අදාළ සංගණන පත්‍රිකා ද මේ වන විට මුද්‍රණය කර ඇතැයි රජයේ මුද්‍රණාලධිපතිනිය කීවාය.

Share with your friends :