27 C
Colombo
28/09/2024

ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයාට SJB පක්ෂය – DJB පක්ෂයට මාරුවෙයිද ?

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ‘දේශප්‍රේමී ජන බලවේගය (DJB)’ තීන්දුකර ඇත.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇති ‘දේශප්‍රේමී ජන බලවේගය’ පක්ෂයේ ඡන්ද සලකුණ වන්නේ, ”රයිනෝසිරස්’ය.

මිට ඉහත දී ‘දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය’ නමින් පෙනී සිටි මෙම පක්ෂය, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේවනවිට සිය පක්ෂයේ නම ‘දේශප්‍රේමී ජන බලවේගය’ ලෙස සංශෝධනය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වූ මෙම පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී සහය දැක්වුයේ පොහොට්ටු පක්ෂය වෙතයි.

මෙම පක්ෂයේ මහ ලේකම් සුගත් හේවාපතිරණ ප්‍රබල දේශපාලනඥයින් රැසකගේ සමීපතයෙකි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ පක්ෂය සමගි ජන බලවේගය ( SJB ) වන අතර ලකුණ දුරකථනය වේ.

Share with your friends :