27 C
Colombo
29/09/2024

සැමියා මරා බිරිඳ ත්‍රස්තවාදියෙකු කරලා

Share with your friends :

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සැලකූ මියගිය ඇලෙක්සි නෙවල්නිගේ බිරිඳ වන යූලියා නෙවල්නායාට වරෙන්තු නිකුත් කර දින දෙකකට පසුව ඇයව රුසියානු ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට බලධාරීහු කටයුතු කර තිබේ.

සිය ස්වාමි පුරුෂයාගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට යූලියා ප්‍රතිඥා දී ඇත. ආක්ටික් බන්ධනාගාරයක වසර 19 ක සිර දඬුවමක් විඳිමින් සිටියදී ඇලෙක්සි නෙවල්නි අභිරහස් ලෙස මිය ගිය අතර එය ඝාතනයක් බවට චෝදනා එල්ල විය. පසුගිය අඟහරුවාදා දින මොසකව් අධිකරණය අන්තවාදී චෝදනා මත යූලියා නෙවල්නායා අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කරණ ලදී. පුටින් දැඩි පාලනයක් රුසියාව තුල ගෙන යන අතර සියලු දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම සාමාන්‍ය කරුණක් වී තිබේ.

Share with your friends :