27 C
Colombo
29/09/2024

රටම අන්දා සමාගම් දෙකක් පොහොසත් කරන දුම් සහතික බොරුව

Share with your friends :

රජය විසින් වාහන සඳහා වාර්ෂිකව දුම් පරීක්ෂණය අනිවාර්ය කිරීම පුද්ගලික සමාගම් දෙකක් පොහොසත් කිරීම සඳහා ගත් තීරණයක් මිස එයින් කිසිදු වාසියක් පරිසරයට අත්වී නොමැති බව ජනතාව චෝදනා කරති.
වාර්ෂිකව අදායම් බලපත්‍ර ලබා ගැනීමේදී දුම් පරීක්ෂණය අනිවාර්ය බැවින් මෙය ජනතාවට විශාල බරක්ව පවතී.
මෙම දුෂිත දුම් පරීක්ෂණ ක්‍රමවේදය සඳහා දැනට වසර ගනනාවකට පෙර අවසර ලබා දුන්නේ සමාගම් දෙකකට පමණි. ඒ සඳහා ගාස්තු ඉහල දමින් අදාළ සමාගම් දෙක දිගින් දිගටම ජනතාව ගසාකන අතර එයින් පරිසරයට කිසිදු වාසියක්ද සිදුවී නොමැත.
මේ අතර අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි.

එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවය.

වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදුනොකරන ලෙස දසුන් ගමගේ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීම ට බොහෝ පිරිස් පෙළඹී සිටිය ද, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බව ඒ මහතා පවසයි.

එම අවස්ථාවක දී අධික දුමක් පිට වන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් එසේත් නොමැති නම් තහනම් නියෝගයක් රථයට ලැබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

මේ අතර ජනතාව පවසන්නේ මේ ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ නම් සියලු වාහන සඳහා දුම් පරීක්ෂණ වාර්ෂිකව ලබා ගැනීම බරපතල අපරාධයක් වන අතර ඒ සඳහා කිසියම් වෙනසක් අවශ්‍ය බවය.

Share with your friends :