27 C
Colombo
29/09/2024

කුඩා දැරියන් අපයෝජනය කල නැට්ටුවා අත්අඩංගුවට

Share with your friends :

තම නර්තන පන්තියට පැමිණි බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නැටුම් පන්ති ගුරුවරයෙකු අද (13) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල බටේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 හැවිරිදි විවාහක නර්ථන පන්ති ගුරුවරයෙකි.

සැකකරු විසින් තම නර්ථන පන්තියට පැමිණි දැරියන්ගේ ලිංගික අවයව අත පත ගාමින් ඔවුන්ව කාමර තුලට රැගෙන ගොස් අතවර කිරීම් සහ වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය ඡායාරූප යවමින් අපයෝජනයට ලක් කර ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් මෙවැනි ලිංගික අපයෝජනය කිරීම් වලට තලංගම සහ නවගමුව පොලිසි වලටද පැමිණිලි ලැබී ඇතැයි ද හංවැල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share with your friends :