27 C
Colombo
29/09/2024

බදුර්දීන් හා ඩිලාන් රිය අනතුරුවලට ලක්වෙලා

Share with your friends :

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

මාර්ගයට ප්‍රවේශ වුණු පාපැදිකරුවෙකු රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථයද අනතුරකට ලක්වී තිබේ.

මන්ත්‍රීවරයා අද (13) මතුගම පැවැත්වෙන රැස්වීමක් සඳහා යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ 82/1 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම සිද්ධියට මුහුණ දී ඇත.

ඩිලාන් පෙරේරා සමග ගමන්ගත් අයෙක් අනතුරෙන් තුවාල ලබා තිබේ.

අධික වර්ෂාවත් සමග මෝටර් රථය ලිස්සා ගොස් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුවී තිබුණි.

Share with your friends :