27 C
Colombo
24/09/2024

දුම්රිය වර්ජනය අවසන්

Share with your friends :

දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු මොහොතකට පෙර දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරු හෙට(12)දා පෙරවරුවේ සේවයට වාර්තා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

දුම්රිය වර්ජකයන් සේවයෙන් ඉවත් කිරීමේ තීරණයක් – බන්දුල

ප්‍රවාහන මහා මාර්ග සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ගැසට් කර තිබියදී වෘත්තීය සමීති ත්‍රස්තවාදීන් විසින් රටේ පොදු නීතිය අභියෝගයට ලක් කර තිබෙනවා.

එනිසා ඔවුන් රටේ නීතියට අවනත නොවීම කරුණු කොට ගෙන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කිරීමට කටයුතු කළ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය

ඒ අනුව රටේ විධායක ජනාධිපතිවරයාගේ නියෝග අභියෝගයට ලක් කරමින් වර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් දහසකට වැඩි එම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලිපි නිකුත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකරවරයා කටයුතු කර තිබෙන බවද ඇමතිවරයා පැවසීය

වෘත්තීය ඉල්ලීම් යැයි සලකා රටේ ජනතාවට බලහත්කාරය පෑමට කිසිදු වෘත්තීය සමීතියකට ඉඩ නොමැති බවත් යුද හමුදාව සහ ආරක්ෂක අංශ යොදවා දුම්රිය සේවාවන් හැකි අයුරින් ලබාදීමට උපරිමය උත්සාහය ගන්නා බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය

මර්ධනයෙන් වෘත්තීය සමිති බය කරන්න බැහැ

මර්දනයෙන් වෘත්තිය සමිති පාලනයට රජය කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති එකතු වී අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය සේවකයින් කිසිදු අවස්ථාවක කඩාකප්පල් ක්‍රියාවක් සිදුනොකරන බවත් සිය ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදේ යැයි විශ්වාස කරන බවත්ය.

එසේ නොවන්නේ නම් විධායක සභාව රැස් වී අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව ඔහු පැවසීය.

Share with your friends :

Related posts

විශ්වවිද්‍යාල අනධ්‍යයන විධායක ශ්‍රේණි වර්ජනය අත්හරී