27 C
Colombo
24/09/2024

ජනතාව අසරණ කර ඉල්ලීම් දිනා ගැනීම නරකයි

Share with your friends :

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති ජනතාව අසරණ කොට ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන්නේ නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක ා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (11)කොළඹදී පැවසීය.

මහජනතාව අපහසුතාවයට පත්වෙන අයුරින් කටයුතු කරන ඇතැම් වෘත්තීය සමිති ඒ තුළින් කාලකන්නි සතුටක් ලබන බවද හෙතෙම කීය.

වෘත්තිය සමිති වැඩ කරන ජනතාවගේ අයිතියක් බැවින් ඔවුන් කරන ඉල්ලීම් සම්බන්ධව ආණ්ඩුව සාකච්ඡා කළ යුතු බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ හයිඩි පිටියේ අද සවස පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික ආසන සංවිධායක රැස්වීම අමතමිනි.

Share with your friends :