27 C
Colombo
25/09/2024

විශ්‍රාමික SSP සංජය ඉරසිංහගෙන් පාරිභෝගික අධිකාරියේ සේවකයන්ට බලපෑම්

Share with your friends :

පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් අධ්‍යක්ෂවරයා ලෙස මෑතකදී පත්වීම් ලැබූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පාරිභෝගික අධිකාරියේ වෘත්තීය සමිති වල සාමාජිකත්වයෙන් ඉවත්වන ලෙස එම අධිකාරියේ සේවකයන්ට බල කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ සේවකයන් නීතිමය පියවර ගැනීමට ද මානව හිමිකම් ආයතන වලට පැමිණිලි කිරීමටද නියමිතය.මීට අමතරව රජයේ සේවකයන්ගේ ගරුත්වයට නොගැලපෙන හා හානිකර ආකාරයට සංජය ඉරසිංහ නැමැත්තා පාරිභෝගික කටයුතු අධිකාරියේ සේවකයන්ට බැණ වදින බවත් එම ආයතනයේ සේවකයෝ පවසති.

Share with your friends :