27 C
Colombo
25/09/2024

රනිල් ජනපති – නාමල් අගමැති – රනිල් පොහොට්ටුව එකඟතාවයක් ?

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පොදු ජන එක්සත් පෙරමුණ අතර මෙතෙක් පැවති ගැටළු නිරාකරණය කර ගනිමින් මුලික එකඟතාවයකට පැමිණ තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී මෙම මුලික එකඟතාවයට පැමිණි බව සඳහන්වේ.
මේ අනුව ඉදිරි මැතිවරණ සඳහා දෙපාර්ශවය එක්ව තරග කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව පැවසේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ හට ජනාධිපති අපේක්ෂකත්වයත් , අගමැති අපේක්ෂකත්වය නාමල් රාජපක්ෂ හටත් ලබා දෙමින් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම කෙරෙහි දෙපාර්ශවයේම අවධානය යොමුවී තිබේ.
මේ එකමුතුවට දෙපාර්ශවයේ බොහෝ දෙනා සහයෝගය පළකර ඇතත් එක කණ්ඩායමක් පමණක් මීට විරෝධය පල කර ඇති බව පැවසේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අදහෙටම පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී ඉදිරි මැතිවරණ තරගකරන ආකාරය සම්බන්ධයෙන් හා ඉදිරියේදී කටයුතු කරන ක්‍රමවේද සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹීමට නියමිතය.

Share with your friends :