27 C
Colombo
26/09/2024
sri-lanka-parliament

වත්කම් නොදෙන මන්ත්‍රීන්ට වසරක හිර දඬුවමක්

Share with your friends :

වත්කම් බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා යැවීමට අපොහොසත් වන මන්ත්‍රීවරයකුට වසරක කාලයක් දක්වා සිර දඬුවම් සහ මාස දොළහක වැටුපට සමාන දඩ මුදලක් අය කිරීමට නව දූෂණ විරෝධී පනතින් විධිවිධාන සැලසී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

2023 අංක9 දරන දූෂණ විරෝධී පනත අනුව සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වන්නේ නම් එදින සිට සති දෙකක කාලයක් ඇතුළත ලිපිය යැවීමෙන්
එම මන්ත්‍රීවරුන්ට අවවාද කළ යුතු බවත් එසේම එදින සිට ජුලි මස 31 වැනිදා දක්වා කාලය සඳහා මාසික දළ වැටුපෙන් තිහෙන් එකකට සමාන දඩ මුදලක් නියම කළයුතු බවත් පනතේ සඳහන් වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එසේම පසුගිය මාස හය සඳහා අදාළ වන දල වැටුපෙන් තිහෙන් එකකට සමාන වැඩි කරන ලද දෛනික පරිපාලන දඩ මුදලක් අගෝස්තු මස 1 වැනිදා සිට 31 දක්වා ප්‍රමාද වී ඉදිරිපත් කිරීම සඳහා ගෙවීමට නියම කෙරෙනු ඇති බවත් එහි දැක්වේ.

එම ප්‍රකාශය සැප්තැම්බර් මස1 වැනිදා තෙක් යැවීමට අපොහොසත්වන මන්ත්‍රීවරුන්ට මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පවත්වනු ලබන ලගු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේදී එම තැනැත්තා අවසන් වරට ලබාගත් මාස දොළහක දළ වැටුප් වලට සමාන දඩ මුදලක් හෝ අවුරුද්දකට නොවැඩි දෙයාකාරයෙන් එක් ආකාරයක කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ එකී දඩ මුදල සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතු බව එම පනත් කෙටුම්පතේ දැක්වෙන බව අල්ලස් කොමිසම පවසයි.

තවද වත්කම් බරකම් ප්‍රකාශ භාර නොදීම් සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්වේ.

Share with your friends :