27 C
Colombo
25/09/2024

රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා මම

Share with your friends :

රටේ ආර්ථිකයේ ගොඩනගන ක්‍රමය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ජනතාවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සියයට 44% ක් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම මෙතෙක් තීරණය කර නොමැති බවත් සියලු පක්ෂ නායකයින්ගේ අදහස් ක්‍රියාත්මක සිස්ටම් එකක් අනුව රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා වර්තමානයේ පවතින මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනුවට ජාත්‍යන්තරයේ පවතින අධ්‍යාපනයට සමාන අධ්‍යාපන ක්‍රමයක් මෙරට නිර්මාණය කළ යුතු බව ද ඒ මහතා පැවසීය.

සමාජ මාධ්‍ය තුළ සිදු කරන වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිවිටෙක කලබල විය යුතු නැති බවත් ලෝකයේ අනෙකුත් රටවල දරුවන් සමග තරග කළ හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය.

ධම්මික පෙරේරා මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඩී පී එඩියුකේෂන් ආයතනයේ අයි.ටි.කැම්පස් හි අධ්‍යාපනය ලැබූ සාමණේර හිමිවරු සහ දරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ලංකාවේ විශාලතම පක්ෂය වන පොහොට්ටුවේ මංත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස තමන් ක්‍රියාවන් සිදු කර පෙන්වා ඇති බවත් ජනතාවගේ ප්‍රධානතම ඉලක්කය ආර්ථිකය හදන පුද්ගලයෙකු බලයට ගෙන ඒම බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු වේදිකාවල අදහස් ප්‍රකාශ කර නැති බව ඒ මහතා මෙහිදී අවධාරණය කලේය.

Share with your friends :