27 C
Colombo
28/09/2024

UDA එකේ DG ගේ සේවය අත්හිටුවයි

Share with your friends :

නාගරික සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන කඩිනම් කිරීමට ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ලැබී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අරඹා ඇති පරීක්ෂණය අවසන් වන තුරු මෙලෙස ඔහුගේ සේවය අත්හිටුවා ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රසාද් රණවීර මහතා පැවසූයේ කිසිදු හේතුවක් සඳහන් නොකර තමා තනතුරින් ඉවත් කරන බවට ලිපියක් ලැබී ඇති බවයි.

තනතුරින් ඉවත් කර තිබෙන්නේ තාවකාලිකව දැයි විමසූ පැනයට පිළිතුරු දෙමින් රණවීර මහතා පැවසූයේ තාවකාලිකව නොව ස්ථිරවම තනතුරෙන් ඉවත් කරන බව අදාල ලිපියේ සඳහන්ව තිබෙන බවයි.

Share with your friends :