27 C
Colombo
28/09/2024

20,000ක් වැටුප් වැඩි කරන්නට වැට් බද්ද 22 % ආයතනික බදු 42 % ක් කළ යුතුයි

Share with your friends :

සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක් වැඩි කර වැටුප් ගෙවීමට රුපියල් බිලියන 275ක් වාර්ෂිකව අවශ්‍යයි…
වැට් බද්ද 22 % ක් කළ යුතුයි, ආයතනික බදු අනුපාතය 42 % ක් කළ යුතුයි…- ඇමැති ශෙහාන් සේමසිංහ

ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැඩි වීමක් සමග වැටුප් ගෙවීමට වාර්ෂිකව රුපියල් බිලියන 275ක මුදලක් අවශ්‍ය බවත් එය දළ දේශීය නිෂ්පාධිතයෙන් 1%ක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි. එම මුදල උපයා ගැනීම සඳහා දැනට පවතින වැට් බදු අනුපාතය 4 %කින්, එනම් බදු අනුපාතය 22% දක්වා ඉහළ නැංවිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට අමතරව ආයතනික බදු අනුපාතය 42% මට්ටමට පත් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙනේ එවැනි තත්ත්වයක් යටතේ ආර්ථිකය තවදුරටත් පීඩාවට පත් විය හැකි අතර අයවැය හිඟය වැඩි වීම සේම ණය ප්‍රතිව්‍යුහගත ආපසු හැරවීමේ පියවක් විය හැකි බව සේමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මේ හේතුවෙන් අභියෝගයට ලක් විය හැකි අතර රට යළිත් 2022 දී අත්විඳින ලද දරුණු ආර්ථික හා සමාජීය තත්ත්වයන් වෙත ගමන් කිරීම ද සිදු විය හැකි බවයි හෙතෙම පෙන්වා දෙන්නේ. ආර්ථිකය තිරසර වර්ධනය සඳහා පුද්ගලයෙකුගේම සහ ආයතනයක සහයෝගීතාව අවශ්‍ය වන අතර ජනතාවගේ අඛණ්ඩ සහයෝගය ඇතිව මෙම අභියෝගවලට මුහුණ දෙමින් වඩාත් ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බව සේමසිංහ මහතා වැඩි දුරටත් පවසයි.

Share with your friends :