27 C
Colombo
28/09/2024

විශ්‍රාමික පොලිස් නිලධාරී සංජය ඉරසිංහ පාරිභෝගික අධිකාරියට

Share with your friends :

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.

තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. තුසිත උඩුවර රටපුරා බන්ධනාගාර රැසක බන්ධනාගාර නිලධාරියෙකු ලෙස කටයුතු කල පළපුරුදු බන්ධනාගාර නිලධාරියෙකි.
තුසිත උඩුවර මහතා මෙම තනතුරට පත් කර ඇත්තේ වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා විසිනි. මහින්ද රාජපක්ෂ රජයේ ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කලේ නලීන් ප්‍රනාන්දුය.
ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී සිදුකල ක්‍රියා හේතුවෙන් එල්ලවූ චෝදනා මත නලීන් ප්‍රනාන්දු කීපවරක්ම රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

Share with your friends :